ප‍්‍රබල ක‍්‍රිඩකයින් රැසක් කණ්ඩායමට.. ඉන්දියාවට එරෙහිව නම් කරන ලද සිංහ පිළ

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුතු එක්දින තරඟ මාලාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙකු ඊයේ නම් කළ අතර අද දිනයේ එම තරගාවලිය සදහා සහභාගී වන ශ‍්‍රී ලංකා එක්දින සංචිතය නිල වශයෙන් නම් කිරීමට නියමිතය.
එම සංචිතයට අනුව පාකිස්තානු කණ්ඩායම සමග පැවැති තරගාවලියේදී කන්ඩායම සදහා නම් නොකළ ලසිත් මාලිංග මෙම තරගාවලියටද නම් කර නොමැති අතර පසුගිය කාලසීමාව තුළ අබාධයන්ට ලක්වු අසේල ගුණරත්න හා කුසල් පෙරේරා නම් කර ඇත. ඒ අනුව 15 දෙනෙකුගෙන් යුතු සංචිතය මෙසේ වනු ඇත.

මට කට්ටිය කරපු කියපු දේවල් මම හිතෙන් අයින් කරල තියෙන්නේ – තිසර ඉදිරියේදී ඉන්දියාව සමඟින් පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී හා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරාට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.ඒ අනුව දෙසැම්බර් මස 10 වැනිදා ඉන්දියාව සමඟින් ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම දෙසැම්බර් 20 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරෙන්නේ තිසර පෙරේරාටය.මෙයට පෙර එනම් 2017 වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාව සමඟින් පැවැති එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ උපුල් තරංගගේ නායකත්වය යටතේ පසුගිය මාස 11ක කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 21ක් පරාජයට පත්වී තරග 4ක් ජයගෙන දැඩි පසුබෑමකට ලක්ව තිබීම නායකත්වයේ වෙනසක් සිදුකිරීමට ප්‍රධානතම කරුණ බවට පත්ව තිබිණි.ඊයේ (29දා) මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා පැවැසුවේ ඉදිරියේදී තරගාවලියෙන් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයකු පත්කිරීමට තීරණය කර ඇති බවය. “හේතු කිහිපයක් මතයි අපි (තේරීම් කමිටුව ඇතුළු ක්‍රිකට් ආයතනය) තිසරව පත්කළේ. පාකිස්තානය සමඟ පැවැති විස්සයි-20 තරගාවලියේදී තිසර ඉතාමත් හොඳින් නායකත්වයේ කාර්යයේ නිරත වන බව අපි දැක්කා. අපි කිසිම අවස්ථාවක යම්කිසි වකවානුවක් සඳහා නායකයකු පත්කළේ නැහැ. උපුල් තරංග නායකත්වයට පත්කළේ 2019 ලෝක කුසලානය සඳහා බව අපි කිසිම අවස්ථාවක සඳහන් කළේ නැහැ. උපුල් තරංග පිතිකරණයෙන් තමන්ගේ කාර්යය කළාට නායකයකු වශයෙන් සාර්ථක වුණේ නැහැ. කොහොම වුණත් මේ පත්වීම ඉන්දීය සංචාරයට පමණයි. ඒත් තිසර ඉන්දීය සංචාරයේදී නායකත්වයේ වගකීම හොඳින් කළොත් ඉදිරි තරගාවලිත් ලැබීමට ඇති හැකියාව වැඩියි” යනුවෙන්ද අෑෂ්ලි අදහස් දැක්වීය.නව නායක තිසර පෙරේරා  මාධ්‍ය හමුව සඳහා පැමිණ පවසා සිටියේ තමාට ලැබුණු වගකීම 200%කින් ඉටු කිරීමට තමන් උපරිමයෙන් දායක වන බවය. “මම පොඩිකාලේ ඉඳලම ආසා කළේ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙන්න. ඉන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න ආසා කළා. ඒ කොහොම වුණත් අනෙක් අය වගේම මගෙත් අරමුණක් තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වෙන්න. නායකයකු වීම ලෙහෙසි පහසු නැහැ. ඒකට ඉහළම සුදුසුකම් අවශ්‍යයි.” යනුවෙන් පැවැසූ තිසර ශ්‍රී ලංකා පිලේ පසුබෑම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.නායකයෙක් වුනාට පස්සෙ කණ්ඩායමේ නිත්‍ය ක‍්‍රීඩකයෙක් වෙනවා..ඒක තමයි හොදකම නායකත්වයේ තියන..මගේ දස්කම් පසුගියකාලේ පසුබෑමක තිබ්බා ආයෙත් ඉහළට ආවා ඒ අතරතුරේ මම කණ්ඩායමට එනවා..යනවා ..හැබැයි දැන් මම දන්නවා නායකයා නිසා මම නිත්‍ය ක‍්‍රීඩකයෙක් ඒක නිසා මට කණ්ඩායම වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි.පසුගිය කාලේ අපේ කණ්ඩායමේ ටිකක් පසුබෑමක් තිබ්බා..ඊට කලින් අපි නම්බර් 1, 2 හිටපු කණ්ඩායමක්..බැටින් ,බෝලින්, ෆිල්ඩීන් කාටවත් ඒවා කන්ට්‍රෝල් කරන්න බැරි දේවල්.තම තමන්ගේ මානසිකත්වය තියාගෙන ඉදිරියට එන තරගය ජයගන්න ඔ්න..පසුගිය කාලේ වෙච්ච දෙවල් අමතක කරමු..වැටිච්ච වලෙන් ගොඩට එන්න ඔ්න..මට දෙන කණ්ඩායමත් එක්ක මම උපරිමය කරනවා රට වෙනුවෙන්..පසුගිය කට්ටිය කරපු දේවල් වෙච්ච දේවල් මගේ හිතෙන් මම අයින් කරල තියෙන්නේ.නායකයකුගේ දැක්ම පිටුපස බැලීමට නෙමෙයි ඉදිරිපස බැලීම..ග‍්‍රවුන්ඩ් එක ඇතුලෙ මම නායකයෙක්..ඒ වෙලාවට මම ප්ලෙයර්ස්ලත් එක්ක ගහන්න ඔ්න ගේම් ඔක්කොම ගහල එකක් හරි ජයග‍්‍රහණය කරන්න තමයි බලාපොරොත්තුව..ඉන්දීය සංචාරය අපිට විශාල අභියෝගයක් වුණත් අපිට ඒ තරගාවලිය ජයගන්න බැරිකමක් නැහැ” යනුවෙන්ද තිසරගේ අදහස විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *