තිසර කණ්ඩායමේ නායකයා කිරීමෙන් පසු මහේල ජයවර්ධනගෙන් දැඩි විවේචන..

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් පරිපාලනයට ගත නොහැකි තත්වයකට අද වන විට පත්ව ඇතැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මහේල සදහන් කරන්නේ මෙවන් තත්වයක් යටතේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවරත්වයක් ඇති කිරීම ගැටළු සහගත බවයි.තිසර පෙරේරා ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්ව සදහා  පත් කිරීමෙන් පසු මහේල ජයවර්දන විසින් මෙම අදහස් පල කිරීම විශේෂය.තිසර පෙරේරා දිගින් දිගටම පසුගිය තරග ගණනාවක් තිස්සේම කිසිදු අංශයකින් සැලකිය යුතු දක්‍ෂතා පෙන්වීමක් සිදු කර නැත.හෙට තුන්වන ටෙස්ට් තරගය..ශ්‍රී ලංකා ඉන්දියා තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට ආරම්භ වනවා.එම තරගය පැවැත්වෙන්නේ නවදිල්ලි නුවර ෆෙරෝස් ෂාකොට්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 1ට 0 ක් ලෙස මේ වන විට ඉන්දිය කණ්ඩායම පෙරමුණේ පසුවනවා.දෙරට අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරගය නිමා වුණේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දැවැන්තම පරාජය උරුම කර දෙමින්.එම නිසා 3 වන ටෙස්ට් තරගයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය තීරණය කරනු ඇති.කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරග දෙකේදීම අසාර්ථක වුණු ලහිරු තිරිමාන්න වෙනුවට ධනංජයද සිල්වා 3වන තරගයට කැඳවීමට වැඩි ඉඩක් පවතිනවා.එමෙන්ම සධීර සමරවික්‍රම වෙනුවට රොෂේන් සිල්වා කණ්ඩායමට එක්කරගැනීම කෙරෙහිද තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පිටකොන්දේ ආබාධයක් හේතුවෙන්  3 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.මේ නිසා ලක්ෂාන් සඳකැන්ට හෝ ජෙෆ්රි වැන්ඩර්සේට රංගනගේ වගකීම දැරීමට සිදුවනවා.එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බලඇණියේදී වෙනස්කමක් කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.ඒ අනුව ලහිරු ගමගේ වෙනුවට විශ්ව ප්‍රනාන්දු 3 වන ටෙස්ට් තරගයට එක්වීමට වැඩි ඉඩක් පවතිනවා.ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9:30 ට ආරම්භවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *