තෙවැනි ටෙස්ට් තරගයට වෙනස්ම කණ්ඩායමක්… තිරිමාන්නට තැන අහිමිවෙයි..

ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය වෙනුවෙන් පළමු ටෙස්ට් තරඟ දෙකට ක්‍රීඩා කල කණ්ඩායමට වෙනස් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව ක්‍රීක් බස් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය පසුගිය දා අවසන් නිමා වූයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ලබාගත් දරුණුතම පරාජයක් ශ්‍රී ලංකාවට උරුමකර දෙමිනි.සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කොන්ද ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් නිසා ඊයේ (30) නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණි අතර, ඒ වෙනුවට දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ දිල්ලි නුවරට පිටත්ව යන බව දැන ගන්නට ලැබේ. තවද වමතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න නිමා වූ ටෙස්ට් තරග කිහිපය තුල දී ම අපරීක්ෂාකාරී ලෙස පිතිකරණයේ නිරත වීම නිසා ඔහු වෙනුවට වෙනත් පිතිකරුවෙක් කණ්ඩායමට ඇතුළත් වීමට බොහෝ ඉඩකඩක් ඇත.නිමා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය දැරූ තිරිමාන්න, පාකිස්තානය සමඟින් අබුඩාබි නුවර පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම ද්විත්වය තුලම ලබාගෙන ඇත්තේ ලකුණු 7ක් පමණි. පසුව ඩුබායි නුවර පැවැත්වූ දෙවන ටෙස්ට් තරගය තිරිමාන්න හට අහිමි වී ගියේ ආබාධයකට ලක්වීම නිසාවෙනි.ඉන්දීය සංචාරය ආරම්භ කරමින් කල්කටා හි පැවැත්වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම තුල කෙසේ හෝ අර්ධ ශතකයක් ලබා ගැනීමට තිරිමාන්න සමත් වුවත්, නාග්පූර් හි පැවැත්වූ දෙවන ටෙස්ට් තරගයේ දැවී ගිය ආකාරය අනුව ඔහුගේ පිතිකරණය යළිත් ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.අංක තුන පිතිකරණ ස්ථානය කණ්ඩායමේ වැදගත්ම ස්ථානය බවත් අත්දැකීම් බහුල පිතිකරුවෙකු ලෙස තිරිමාන්න දැවී ගිය ආකාරය සහ ඔහු එල්ල කල ඇතැම් පහරවල් අනුමත කල නොහැකි බවත් ගුරුසිංහ පවසා ඇත.පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව අංක තුන පිතිකරු ලෙස තිරිමාන්න ක්‍රීඩාකල ඉනිම් ඔහු සතු අත්දැකීම් අනුව බලන කල අනුමත කල නොහැකි බව ගුරුසිංහ පවසා ඇත.“අංක 3 ස්ථානය කණ්ඩායමක පිතිකරණ ලැයිස්තුවේ තිබෙන වැදගත්ම ස්ථානයක්. සමහර විට තරගයේ පළමු පන්දුවාරය තුල දී ම පිතිකරණය සඳහා පිටියට යාමට සිදු වේවි. එසේ නැතිනම් ක්‍රීඩාගාරය තුල කාලච්ඡේද දෙකක් තුනක් ගත කිරීමට සිදු වන තැනක්. ඒ නිසා මේ වෙනස්කම්වලට ඕනෑම මොහොතක හැඩගැසීමට අවශ්‍ය මානසිකත්වය මෙම ස්ථානයේ ක්‍රීඩා කරනු ලබන පිතිකරුට තියෙන්නට ඕන.” ඒ නිසා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් අතරට පැමිණි මුල්පෙළ පිතිකරු ධනංජය සිල්වා, තිරිමාන්න වෙනුවට ධනංජය දිල්ලි හිදී පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *