මුරලි පසුකරමින් දිල්රුවන්ගේ සුපිරි වාර්තාව බලන්න….

දිල්ලි ෆෙරෝස් ශාහ් කොට්ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (02 වැනිදා) ආරම්භවූ තෙවැනි ටෙස්ට් තරගයේ තේ පානය සදහා තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 245 ක් රැස්කරමින් ප‍්‍රබල ස්ථානයක පසුවෙයි ..සිය 11වැනි ටෙස්ට් ශතකය රැස්කළ මුරලි විජේ ලකුණු 101 ක් සහ විරාට් කෝලී ලකුණු 94 ක් ලබාගනිමින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 166ක නොදැවුණු සම්බන්ධතාවක් පවත්වාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.තරගයේ කාසිය වාසිය දිනු ඉන්දියානු කණ්ඩායම නායක විරාත් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ ශිකර් ධවාන් හා මුරලි විජය එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කළේය.ඩිල්රුවන් එවු පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට තැත් කළත් ඩීප් ස්ක්වාලේග්හි පන්දුරකිම්න් සිටි සුරංග ලක්මාල් අතර උඩපන්දුවක් ලබාදෙමින් දැවී යන විට ශිකර් ධවාන් හතරේ පහර 04ක් සමගින් ලකුණු 23ක් ලබා සිටියේය.සුරංග ලක්මාල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 දවා ගැනීමේ වාර්තාවක හිමිකම් කී ඩිල්රුවන් පෙරේරා ශීකරු ධවාන් දවාගනිමින් තරග 25 කදී මෙම දස්කම කිරීමට සමත්විය. තරග 27 කදී කඩුලු 100 ක් දවාගනිමින් මුත්තයියා මුරලිදරන් විසින් මීට පෙර එම වාර්තාවට කිමිකම් දැරීය.දිනේෂ් චන්දිමාල් පිතිකරු පන්දුවට පහරදෙන ආකාරය හොදින් නිරීක්‍ෂණය කර ලෙග් ස්ලිප්හී පන්දු රැකීම සදහා සධීර සමරවික්‍රම යොදවා ගනිමින් චෙතේෂ්වර් පුජාරාගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය. ළහිරු ගමගේගේ පන්දු යැවීම හමුවේ ලකුණු 23 ක් රැස්කර සිටි පුජාරා දැවීයනවිට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 78 කට කඩුලු 2 ක් විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කරමින් රංගන හේරත්, ළහිරු තිරිමාන්න සහ දසුන් ශානක කණ්ඩායමෙන් ඉවත්කර ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට කැඳවූහ.වෙනස්කම් දෙකක් ඉන්දීය කණ්ඩායමේද  සිදුකර ඇති අතර ඉනිම 12 කදී ටෙස්ට් අර්ධ ශතක 9 ක් ලබාගත් ලෝකේෂ් රාහුල් සහ වේගපන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් කණ්ඩායමෙන් ඉවත්කර ශීකර් ධවාන් සහ මොහොමඞ් ශාමී කණ්ඩායමට එක්වූහ. ලකුණු අතරට නොපැමිණි අජින්ක්‍ය රහනේ හට ලකුණු අතරට පැමිණෙමින් දක්ෂතා දැක්වී සදහා තවත් අවස්ථාවක් ලබාදිම හේතුවෙන් ලකුණු අතර සිටි ලෝකේෂ් රාහුල්ට කණ්ඩායමේ ස්ථානය අහිමිව ගියේය.දකුණතින් පන්දුවට පහරදෙන රොෂේන් සිල්වා ටෙස්ට් වරම් හිමිකර ගනිමින් හිටපු ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර මහතා අතින් හිස් වැස්ම ලබාගත්තේය.කාසියේ වාසිය දිනාගත්තේනම් පන්දුවට පහරදීමට සිටි බවත් අවාසනාවකට අපට එය පාළනය කළ නොහැකි බවත් කාසියේ වාසිය පරාජවීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට බලාපොරොත්තු වන බවත් දෙවැනි තරගයෙන් පසුව කණ්ඩායමක් විදියට අපට වැරදුනේ කොතැනද යන්න ගැනත් සාකච්ජා කළ බව පැවසීය. “මම හිතනවා ටෙස්ට් වරම් හිමිකර ගැනීමට ඔහු (රොෂේන්) යෝග්‍ය බව. දේශීය තරග වලදි ඔහු ගොඩක් ලකුණු රැස්කර තිබෙනවා. මට විශ්වාසයි ඔහු ගැන. ඔහුගේ උපරිමයෙන් දායක වෙයි වගේම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිවී” යැයි චන්දිමාල් වැඩිදුරටත් පැවසීය. “අපි පළමුව පන්දුවට පහරදෙන්න තීරණය කළා. තණතීරුව පළමුව පන්දුවට පහර දෙන්න යෝග්‍යයි. පළමු ඕවර කිහිපයේදී පන්දු යවන්නන්ට වාසි දායක වෙයි. අපට ඕන අභියෝග බාරගන්න. හැම තරගයක්ම අපිට වැදගත්. ප්‍රතිවාදීන්ව සැහැල්ලුවට ගන්නේ නෑ” යැයි කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ නායන විරාට් කෝලී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *