ශ්‍රී ලංකා නවකයන්ගේ පිතිහරඹයට කෝලි බය වෙයි…

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ,එක්දින සහ T 20 අංශ තුනෙන්ම මේ වන විට ඉතා පහල තැනකට පත්වී ඇති අතර මෙම තත්වයට පත්වීමට ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රමාණවත් පරිදි දක්ෂතා නොදැක්වීම දැඩිලෙස හේතුවක් වී ඇත.මහේල ,ඩිල්ශාන් ,සංගක්කාර වැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ,එක්දින සහ T20 අංශ තුනේම කණ්ඩායමේ වගකීම කාලයක් තිස්සේ තම හිසමත තබාගෙන පැමිණ එම වගකීම නවකයන්ට පවරා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟ අංශ තුනෙන්ම දැඩි ලෙස පසු බෑමට පත්වීමට ප්‍රධාන හේතුව බව ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීමත් සමඟ ක්‍රීඩකයන් වඩාත් ආර්ථිකමය අතින් වාසිදායක සීමිත පන්දුවාර තරඟ ,විශේෂයෙන් T20 තරඟ කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම දක්ෂ ටෙස්ට් ක්‍රීඩකයන් බිහි නොවීමට ප්‍රධාන හේතුව වී ඇති බව පැහැදිලිව දැකගත හැකි කරුණය.නවක ක්‍රීඩකයන් වෙත ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි උපදෙසක් ලබා දෙමින් පවසා ඇත්තේ නවකයන් ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට මෙය හොඳ කාලය බවය.කෝලිට මෙම අවවාදය දීමට හදිස්සියේම මතක වුනේ ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් පන්දුවට පහරදෙන රටාව දුටු පසුවද යන ප්‍රශ්නය මතු වන්නේ සධීර සමරවික්‍රම,නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක පසුගිය තරඟ දෙකෙහි පිතිකරණයේ යෙදුන ආකාරය දෙස බලන විට ඔහුන් ටෙස්ට් තරඟයක ක්‍රීඩා කරනවාද යන සැකය කොලිටත් මතු වන්නට ඇත.ඉන්දීය නවක පිතිකරුවන්ට කෝලි පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම අංශය වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙත නවකයන් වැඩි අවධානයක් යොමු කල යුතු බවය.මෙම උපදෙස තමා ලබා දෙන්නේ තම සංචිතය තුල සිටින උන්මඛන් චන්ඩ් ට පමණක් නොව සමස්ත නවක ක්‍රීඩකයන්ටම බවය.ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම රඳවා ගැනීමට නවකයන් වඩාත් උනන්දු විය යුතු බවද කෝලි වැඩි දුරටත් පවසා ඇත. “I see only Unmukt Chand sitting here. But I want to tell all of the young generation, please focus on the longer format of the game,” Kohli said. “I believe Test cricket is paramount for the game to sustain globally. Test cricket is fighting for its survival at the moment. Youngsters need to take to Test cricket for it to survive, not only in our country but globally,”  තමන් පළමුපෙළ තරඟ ක්‍රීඩා කරන කාලයේ දුලිප් කුසලානය,රංජි කුසලානය වැනි තරඟ සඳහා ක්‍රීඩා කලේ ජාතික කණ්ඩායම වෙත පැමිණීමට අවශ්‍ය දක්ෂතා පෙන්වන තැන බවට පත් කරගනිමින් බවත් දැන් නවකයන් එම අවස්තාව IPL කණ්ඩායම් වල තම තැන සදා ගැනීම සඳහා යොදා ගන්නා තැනක් බවට පත්කරගෙන තිබෙන අයුරු දක්නට ලැබීම කනගාටුවට කරුණක් බවත් විරාත් කෝලි වැඩි දුරටත් පවසා ඇත.කෝලි මේ පවසන දෙය ශ්‍රී ලංකා කණ්ඩායමේ නවකයන්ට පමණක් නොව දැන් සිටින ප්‍රවීණයන්ටද හොඳ අවවාදයක් වන්නේ පළමු ටෙස්ට් තරඟ දෙකේම අපගේ ක්‍රීඩකයන් දැවී ගියේ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂතාවලට වඩා පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසා වන නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *