සුරංග ලක්මාල් සපත්තුව ගලවාගෙන ගත්ත සුපිරි කැච් එක – වීඩියෝ

තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ වන විට දිල්ලිහි ෆෙරෝස් ෂා කොට්ලා ක‍්‍රිඩාංගනයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන අතර සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා සිටියි. තරගයේ කාසිය වාසිය දිනු ඉන්දියානු කණ්ඩායම නායක විරාත් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ ශිකර් ධවාන් හා මුරලි විජය එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කළේය.ඩිල්රුවන් පෙරේරා එවු පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට තැත් කළත් ඩීප් ස්ක්වාලේග්හි පන්දුරකිම්න් සිටි සුරංග ලක්මාල් අතර උඩපන්දුවක් ලබාදෙමින් දැවී යන විට ශිකර් ධවාන් හතරේ පහර 04ක් සමගින් ලකුණු 23ක් ලබා සිටියේය.එම කඩුල්ලත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 සිමාව පසුකිරීමට ඩිල්රුවන් පෙරේරා සමත්විය.

සධීර ගැන තිලාන්ගෙන් අනාවැකියක් ..ඉන්දීය කණ්ඩායමසහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසාන ටෙස්ට් තරඟය අද ෆෙරාශ්ලා කොට්ලා ක්‍රීඩාංගනයෙදී පැවැත්වෙන්නේ ඉන්දීය ක්‍රීඩකයන්ට ලැබුන අලුත් වාසියක්ද සමඟය.එම වාසිය නම් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ,පුහුණුකරු රවී ශාස්ත්‍රී ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඇතුළු නිලධාරීන් හමුවී කළ සාකච්ඡාව සාර්ථක වීමෙන් ලැබුන වාසියයි.ඒ අනූව ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ ඉදිරි තරග කාලසටහන අනුව සියලු වැඩිවීම් සාධාරණ ලෙස සිදුකිරීමට කටයුතු කරන බව ප්‍රධාන විධායක විනෝද් රායි පවසයි. ”ඉන්දියානු කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට මෙන්ම පළමු පෙළ ක්‍රීඩකයන්ට වැඩිවීමක්‌ වෙනවා. ඉදිරියේදී ඔවුන් ක්‍රීඩා කරන තරගාවලි සහ වෙනත් දීමනා ලබාදීමට කටයුතු කරනවා.” යෑයි රායි පවසා තිබිණි.ඉන්දියාව මෙලෙස හොඳ මානසිකත්වයෙන් ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙවන තරඟයේ ලැබූ ලැජ්ජා සහගත පරාජයයේ අවමානය මකා ගැනීමේ අරමුණින් පිටියට පිවිසේ.ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ මෙම තරඟයෙදී ඉන්දියාව දකුණු අප්‍රිකා සංචාරය ඉලක්ක කරමින් තණතිල්ලක් සකස් කල බව නොපෙනෙන බවය.
“මට පේන විදියට මේ තරඟයත් අපිට පළමු තරඟයට සමාන තණතිල්ලක් ලැබෙයි කියල හිතන්නේ නෑ.පළමු තරඟයේ විතරයි අපිට ඒ විදියේ තණතිල්ලක් දකින්න ලැබුනේ.තුන්වෙනි තරඟයේ අපිට ලැබෙන්නෙත් දෙවැනි තරඟයේ ලැබෙන තණතිල්ලට සමාන තණතිල්ලක් වගේ පේන්නේ.” මෙම තරඟාවලියේ පිතිකරුවන් පෙන්වූ දුර්වලතාවය ගැනද චන්දිමාල් මාද්‍ය වෙත අදහස් දක්වා තිබිණි.  “පහුගිය අවරුදු එකහමාරකම අපේ පිතිකරුවන් ලොකු ඉනිම් වලට නොගිය එක අපිට කණ්ඩායමක් විදියට ලොකු අවාසියක් වුනා,මේ වගකීම ප්‍රවීනයන් වගේම නවකයන්ද ගන්න ඕන.පළමු තරඟ දෙකේම අසාර්ථක වූ සධීර සමරවික්‍රම තෙවන තරඟයට ක්‍රීඩා කරනවාද නැද්ද යන තීරණය තවමත් ගෙන නැති අතර ඔහු තරඟ කිහිපයක අසාර්ථක වීම නිසා දුර්වල ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය නොහැකි බවත් ,මාවන්ද තම ටෙස්ට් ක්‍රිකට් ආරම්භය දුර්වල ආකාරයෙන් ලබා ගත්තද ඔහු ශ්‍රී ලංකාවට වටිනා ක්‍රීඩකයෙකු වූ අකාරයෙන් සධීරද අනාගතයේ එසේ විය හැකි බවට ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර අනාවැකි පල කරයි. ”මාවන් අතපත්තු පළමු ටෙස්‌ට්‌ ඉනිම් කිහිපයම අසාර්ථක වුණා. සධීර හොඳ පිතිකරුවෙක්‌,ඔහුත් තරඟයක් දෙකක් අසාර්ථක වුනා කියල අතහරින්න බෑ.සධීර අනිවාර්යයෙන්ම ඉදිරියේදී සාර්ථක වේවි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *